Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් නිලධාරියෙකු ගමන්ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටෙයි (ඡායාරූප)

3 years ago

අනුරාධපුර – නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (17) උදෑසන 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙම අනතුරින් අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම නිලධාරියා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී මාර්ග අසළ තිබූ ගසක් මෙලෙස ඔහු මතට කඩාවැටී තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂන් රෝහලට ඇතුළත් කර තිබෙනවා.