සිය වැටුප් විෂමතාවයට විසඳුම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ එහි පියවරක් වශයෙන් ජූනි විසි හයවනදා අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි.
ඒ සඳහා ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පිරිවෙන් ගුරුවරුන් හා ගුරු උපදේශකවරුන් සහභාගීවීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කළේ.
ඒ මහතා දැක් වූ අදහස් පහතින්.

