තමන් මෙරට තනි කොට සිය දරුවන් විදේශ ගත වීම නිසා දැඩි කලකිරීමකට පත්ව සිටි යාපනයේ එලු කෝවිල් ප්‍රදේශයේ වයස අවුරුදු 76 හැවිරිදි පුද්ගලයෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙම පුද්ගලයාගේ බිරිඳ මීට වසර 08කට පමණ ඉහතදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බිරිඳගේ මරණයෙන් අනතුරුව ඔහු එක් එක් දරුවා ළඟ ජීවත් තිබේ.
පසුව දරුවන් පස් දෙනාම වරින් වර විදේශ ගත වීම නිසා ඔහු සිට ඇත්තේ දැඩි කම්පනයකින්.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහුගේ තනිකම හා පාළුව ගැනද සැලකීමට කිසිවෙකු නොමැති වීම පිළිබඳව ඔහු දැඩි සිත් තැවුලකින් සිටි බවයි.
ඊයේ(16) දිනයේදී ඔහුගේ අසල්වාසීන්ට ළිඳ දෙසින් විශාල ශබ්දයක් ඇසී තිබේ.
ඔවුන් ඒ ගැන විපරම් කොට බැලීමේදී වයෝවෘද්ධ පුද්ගලයා ලිද තුළ සිටිනු දැක ඇති අතර වහාම ඔහුව ළිදෙන් ගොඩ ගෙන යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
නමුත් වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවයි.

