Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

3 years ago

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද (18) සවස 4.00 පමණ එම අනතුර සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වු පෞද්ගලික බස් රථයේ අධික වේගයත් අපරික්ෂාකාරි ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

තුවාලකරුවන් කෑගල්ල මහ රෝහලට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව පිංදෙනිය පොලීසිය පවසයි

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙක් බරපතළ තත්වයෙන් ප්‍රථිකාර ලබන අතර අනෙක්  රෝගියා කාන්තාවක් බවත් වාර්තා වෙයි.