ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි වර්ෂාපතන සමඟ දිවයිනේ ඇතැම් ගංඟා ද්‍රෝණි ගංවතුර ආපදා තත්ත්වයකට පත්වීමේ අවදානම පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.
ඒ, අනුව අත්තනගලු ද්‍රෝණිය, කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ සහ මහ ඔය ද්‍රෝණිය යම් තරමක ගං වතුර මට්ටමකට පත්වීමේ අවදානම් පවතින බවයි ඔහු සඳහන් කළේ.
ඉහත ගංඟා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර නිම්නයේ පදිංචි ජනතාව සහ එම නිම්න වල ඇති මාර්ගවල ගමන් ගන්නා රථවාහන රියදුරන් ද අවදානයෙන් පසුවන ලෙසට ද දැනුම් දෙනවා.
එමෙන්ම පවතින අධික වැසි සහිත තත්ත්වයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ වැනි පළාත්වල නාගරික ප්‍රදේශවල ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ, අනුව එවැනි අවදානම් සහිත ප්‍රදේශවල මාර්ගයන් හි ගමන් කරන රථවාහන වල රියදුරන් සහ එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැළකිල්ලෙන් පසසුවෙන් ලෙසයි ඔහු පැවසුවේ.
එමෙන්ම මේ වන විට දිවයිනේ ජලාශ වල ජල මට්ටම සමස්ථයක් ලෙස 75%ක අසන්න මට්ටමේ පවතිනවා.

