Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රයිසිගේ මිය යෑමෙන් පුරප්පාඩු වූ ඉරානයේ ජනාධිපති ධූරයට මීළඟ පුද්ගලයා පත්කරගන්නා ආකාරය මෙන්න

3 years ago

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු විය.

ඉරානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකු ධූරයේ රැඳී සිටිය දී මිය යෑමෙන් එම ධුරය අකර්මන්‍ය වුවහොත් එරට උත්තරීතර නායකයාගේ තහවුරු කිරීමත් සමඟ පළමු උප ජනාධිපති බලයට පත් වීමට නියමිතයි.

ඒ අනුව දැනට පළමු උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන 68 හැවිරිදි මොහොමඩ් මොක්බර් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙයිනිගේ ආශිර්වාදය යටතේ බලයට පත් වනු ඇති.

ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතුය. එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියාය.

මේ අතර 2021 දී ජනාධිපති ලෙස තේරී පත් වූ රයිසි නොනැසී සිටියා නම් ඉරානයේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ, 2025 වසරේදීය.