Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහනායකහිමිවරු ජනපතිගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම

3 years ago

ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2016 වසරේදී කූලරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගිය ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට 2024 මාර්තු 28 වැනිදා වසර හතරක සිර දඬුවමක් නියම කෙරිණි.

සමාජයේ සිදුවන අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඥානසාර හිමියන් සිදු කළ දැනුවත් කිරීම් ආරක්ෂක අංශ වලට තීරණාත්මක සහයක් ලබා දුන් බවත්, ශ්‍රී ලංකාවේ සමහර අන්තවාදී කණ්ඩායම් පැතිරීම වැළැක්වීමට ඒවා උපකාරී වූ බවත් මහානායක හිමිවරුන් පෙන්වාදෙනවා.

එබැවින්, ඥානසාර හිමියන් ට වෙසක් පොහෝ දිනය නිමිති කොට ගෙන ජනාධිපති සමාව ලබා දෙන මෙන් මහනාහිමිවරු ජනාධිපති වරයාගෙන් ඉල්ලා තිබේ.