ගල්කිස්ස, වෙරළපාර කෙළවර මුහුදුබඩ තීරයට ” ගල්ගුල්ලා ” නොහොත් හීල්ස් යන නාමයෙන් හදුන්වන දුර්ලභ ගණයේ මියගිය මත්ෂ්‍යයකුගේ සිරුරක් ගොඩගසා තිබෙයි.
මේ සත්ත්ව විශේෂය ගැඹුරු මුහුදේ ගල්පර අතර වැඩි වශයෙන්ම ජීවත්වන අතර,ගොඩ බිමට නොපැමිණෙන බවයි සඳහන් වන්නේ.
දුර්ලභ ඝනයේ මාළු විශේෂයක් වන මෙම මත්සයින්ගේ ශරීර වර්ණයට වෙනස් තිත්පැල්ලම් සහිත සමක්ද පිහිටා තිබෙනවා.
එමෙන්ම, මෙම මත්ස්‍ය විශේෂය ආහාර සඳහා නොගන්නා මාළු විශේෂක්ද බවයි සඳහන් වන්නේ.
ධීවරයින් විසින් ගැඹුරු මුහුදේ ගල්පර වටකර එලූ දැලක පැටලී ගොඩට ආවාද නැත්නම් මේ දිනවල වාරගන් නිසා ගැඹුරු මුහුදේ දියරළ ගොඩ ගැසීමෙන් ගොඩබිමට පැමිණ ඇති බව විශ්වාස කෙරේ.

