Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථයකට යටවී පාසල් සිසුවියක් මරුට

3 years ago

නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

අද උදෑසන උඩහේන්තැන්න ප්‍රදේශයේදී බස් රථයෙන් බැස එම බස් රථය ඉදිරිපිටින් මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නව කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.