Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැතිමතුන් ලක්ෂ 3කට හෙට සිට දළදා මාලිගාවේදී දන්සැල්

3 years ago

වෙසක් මංගල්‍යය යෙදී ඇති හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක කිරීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය්‍ය මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ අනුව ප්‍රණීත හා සෞඛ්‍ය‍ාරක්ෂිතව පිලියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට පැමිණෙන බැතිමතුන් වෙත ලබා දෙන බවයි ශ්‍රී දළදා මාලිගාවෙන් සඳහන් කළේ.

පෝය දින දෙක ඇතුළුව සති අන්ත දීර්ඝ නිවාඩුවක් මෙවර යෙදී ඇති බැවින් මහනුවර දළදා මාලිගාවට ලක්ෂ 4කට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.