Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යතුරුපැදි අනතුරින් මියගිය පුද්ගලයාගේ දේහය බාරගන්න බිරින්දෑවරු 4ක් පොරකයි

3 years ago

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී තිබෙනවා.

කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුව තිබූ අනතුරකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙසේ මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිටි අයෙක් බවටයි වාර්තා වන්නේ.

ඔහු කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති අතර, අදාළ මෘත දේහය මේ වන විට භාර්යාවන් 4ක් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් පොලිසිය පැවසුවේ, අදාළ දේහය ඔහුගේ නීත්‍යනුකූල විවාහක බිරිඳට භාර දීමට පියවර ගන්නා බවයි.