දැනට වඳවී ගොස් ඇති නවසීලන්ත “huia” නම් පක්ෂියාගේ තනි පිහාටුවක් වාර්තාගත මුදලකට වෙන්දේසියකදී අලෙවි වී තිබෙනවා.
එම වෙන්දේසියේදී මෙම පිහාටුව වෙන්දේසි වෙතැයි අපේක්ෂා කර තිබුණේ ඩොලර් 3,000කට ය.
නමුත් එය ඩොලර් 28,400කට අධික මුදලකට අලෙවි වු බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවා.
“huia” පක්ෂියා මවෝරි ජනතාව පූජත්වයෙන් සලකන අතර එම පක්ෂීන්ගේ පිහාටු හිස් පළඳනා සඳහා සවිකිරීමට, තෑගී ලෙස හෝ විකිණීම සඳහා ද එම ජනතාව භාවිත කළා.
“huia” පක්ෂියා අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය.
