Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්ක කිහිපයකට ක්ෂණික ගංවතුර අවදානමක්! අවදානම් දිස්ත්‍රික්ක මෙන්න!

3 years ago

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වලට තදවැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ක්ෂණික ගංවතුර ඇතිවීමට ඉඩ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද‍ාල ප්‍රදේශවල පහත් බිම් අවට ජනතාව පූර්ව සූදානමකින් පසු වන්නැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර ප්‍රකාශ කළා.

කලු ගගේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල අවට පහත්බිම්වලත් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල සුලු ගංවතුර අවධානම තවදුරටත් පවතින බවයි ඔහු පැවසුවේ.

කැලණි, කළු, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංගාවල සහ මහ ඔය, දැදුරුඔය හා අත්තනගලු ඔයේ ඉහළ ජල මට්ටමක් වාර්තා වනවා.

ඉදිරි දින දෙකේදී තද වර්ෂාව පැවතුණොත් මෙම ගංගා සහ ඇලදොළවල ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පවසනවා.