මදුරන්කුලිය ප්රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලීසිය පවසනවා.
මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇති අතර ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනීය නරඹමින් සිටියදී ආච්චි අම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබුණා.
මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබුණු බවයි පොලීසිය පවසන්නේ.
ඔහු මහණ වීමට කැමති බව ප්රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන්කුලියේ සුබෝධිනමින් මහණ කල බව එම විහාරවාසී ගලෙන් බිඳුනු වැව අනුරුද්ධ මෛත්රී හිමියෝ පවසනවා.
ආච්චි අම්මා, තාත්තා පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි විමසූ විට කියා සිටින්නේ තමන් ආපසු නොයන බවත් තමාගේ ආසාව මහණ දම් පිරීම බවත් යැයි තමන් පවසන බව පැවැදි වූ එම දරුවා පවසනවා.

