Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයින පුරා සිදුවන විදුලි බිඳවැටීම් ගැන විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

2 years ago

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගමය පවසන්නේ ආපදා තත්ත්වයන් යටතේ ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීම් ‍වෝල්ටීයතා විදුලි රැහැන් මාර්ග විශාල ප්‍රමාණයක් මෙන්ම transformer මතට පවා ගස් කඩා වැටී විදුලිය බිඳ වැටී ඇති බවයි.

මෙම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම සඳහ මේ වන විට විදුලි බල මණ්ඩලයේ සීමිත තාක්ෂණික කාර්ය මණ්ඩලය කැපවී සිටින බවද එම නිවේදනයේ සඳහන්.