Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොවම මවිත කරමින් මිනිස් වාසයට සුදුසු ග්‍රහලොවක් සොයාගනී

2 years ago

යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයකින් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබෙනවා.

මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ග්ලීස් 12 බී (Gliese 12b) ලෙසයි.

මෙම ග්‍රහලෝකය මේ දක්වා හමු වූ පෘථිවියට සමාන සහ ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවටයි උපකල්පනය කර ඇත්තේ.

2022දී එක්සත් රාජධානියේ පැවැති උණුසුමට සමාන තත්ත්වයක් මෙම ග්‍රහලෝකය තුළ ඇති බවට පර්යේෂණවලින් අනාවරණ වී තිබේ.

ග්ලීස් 12 බී ග්‍රහලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු ගත කර ඇති නමුත් එහි වායුගෝලය කෙබඳුද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී. 

කෙසේවෙතත් මෙම ග්‍රහලෝකයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටීම නිසා එය සමීපව නිරීක්ෂණයට බාධාවක් වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

ග්ලීස් 12 බී ග්‍රහලෝකය සෑම දින 12.8 කට වරක් එහි සූර්යයා වටා කක්ෂගත වන අතර එය පෘථිවියට සමාන විශාලත්වයක් දරයි.

එමෙන්ම අප දැන් දකින ආලෝකය මීට වසර 40කට පෙර එනම් 1984 වර්ෂයේ නිකුත්වූවකි. එය පෘථිවියේ සිටින අප වෙත කරා පැමිණීමට එතරම් කාලයක් ගත වී ඇති බව වෝර්වික් විශ්වවිද්‍යාලයීය තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය තෝමස් විල්සන් පවසනවා.