මාරවිල – මහවැව කොස්වාඩිය ප්‍රදේශයෙ නවතා තිබු මෝටර් රථයක් මතට අද (24) දහවල් ගසක් කඩා වැටිමේන් වාහනයේ සිටි සිව් දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය හා අපදා සහන නිළධාරීන් පවසනවා.
හලාවත සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වාඩිය ප්‍රදේශයෙ දී නවතා තිබියදී නොසිතු ලෙස එම ස්ථානයෙ තිබු දැවැන්ත ගසක් එකවර මෝටර් රථය මතට කඩා වැඩි මෝටර් රථයට දරුණු හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ගස මෝටර් රථය මතට කඩා වැටිමේන් එහි සිරවි සිටි සැමියා,බිරිද හා 07 හැවිරිදි දියණිය මෙලෙස මාරවිල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ගස කඩා වැටෙන අවස්ථාවෙදී මෝටර් රථයෙ සිටි තිදෙනා එම ස්ථානයෙ සිටි ජනතාව මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගැනිම කටයුතු කිරීමත් සමග ඔවුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් නොවි බේරා ගැනිමට හැකිවු බවත්, මෙම 07 හැවිරිදි දියණිය හා මෙම යුවල දැඩි කම්පනයට පත්ව ඇති බවත් වාර්තා වනවා.

