Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැන සියදිවි නසාගනී

2 years ago

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට වැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් මෙම මරණය සැක සහිත බව වාර්තා වනවා.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 1.2 කණුව අසල ඇති ගුවන් පාලම මතින් අධිවේගී මාර්ගයට ඊයේ (24) රාත්‍රී 7ට පමණ මෙම තරුණයා වැටී තිබෙනවා.

එම අවස්ථාවේදී මාතර දෙසට ගමන්ගත් මෝටර් රථයකද ඔහු ගැටී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 19 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පාදුක්කේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හදාරන තරුණයෙක්.

අනතුරින් මෝටර් රථයටද හානි සිදුවී ඇති අතර මෝටර් රථ රියදුරද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, පොලීසිය සිදුකළ සොයාබැලීමේ දී මියගිය තරුණයාගේ නිවසේ තිබී තමන් සියදිවි නසාගන්නා බවට ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද හමුවී ඇති බව පොලීසිය සඳහන් කරනවා.