ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.
ගාමිණී මාරපන මහතා, හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වන අතර ඔහු ආන්දෝලනාත්මක නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙක්.
2021 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු කොළඹ වරාය නගර කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද පත් කළේය.
අභාවප්‍රාප්ත ගාමිණී මාරපන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

