පැපුවා නිව්ගිනියාවේ හුදකලා වූ එන්ගා පළාතේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවනු ඇතැයි විදෙස් වාර්තා කරනවා. එමෙන්ම නිවාස 1182කට අධික සංඛ්‍යාවක්ද විනාශ වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.
පසුගිය සිකුරාදා අලුයම 3.00 ට පමණ මෙම නාය යෑම සිදු වන විට ගම්වාසීන්ම නිදා සිට ඇති බව පැවසේ.
විපතට පත් ගම්මාන වෙත හදිසි සේවා ළගා වීමට ඇති අපහසුතාවයන් නිසා සහන සේවා කටයුතු තවදුරටත් ප්‍රමාද වී තිබේ.
සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ සේවකයින් කටයුතු කරමින් සිටියද ප්‍රධාන මාර්ගවලට සහ අධිවේගී මාර්ග ප්‍රවේශයට හානි සිදුව ඇති බැවින් එම ප්‍රදේශයට ප්‍රවේශ විය හැක්කේ හෙලිකොප්ටරයකින් පමණක් බව පැවසේ.
කෙසේ වෙතත්, නාය ගිය ස්ථානයට ළඟා වීමට වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් යුත් කුඩා කණ්ඩායම් කිහිපයක් සමත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

