Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රාත්‍රියේ  කොළඹ පාරවල් කිහිපයක් වසා දැමීමට තීරණයක්! අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ජනතාවට විශේෂ දැනුම්දීමක්!

2 years ago

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවෙන සිද්ධි වළක්වාගැනීම වෙනුවෙන් අද (25) රාත්‍රියේ  කොළඹ මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත, සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් වටරවුමේ සිට රොටුන්ඩා වටරමුව දක්වා මාර්ග එසේ වසා තැබීමට තීරණය කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී  විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම්දෙයි.

එමෙන්ම වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.