Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වන්දනා ගමන මාරක අනතුරකින් කෙළවර වෙයි

2 years ago

වන්දනා ගමනක් යමින් වෑන් රථයක් ගල්ගමුව, මීඔය ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මීඔය පාලමේ ගැටී අනතුරුව ගසක ගැටීමෙන් අද (26) අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා.

රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 15 දෙනෙකු පමණ සිට තිබෙනවා.

වෑන් රථයේ ගමන්ගත් අයෙකු අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් ගල්ගමුව සහ අනුරාධපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.