කැළණිය සහ කළු ගඟේ ඉහළ ප්‍රදේශවල ජලය අවධානයෙන් සිටිය යුතු මට්ටම ළඟා වී ඇති බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම ගංගාවලට ද්‍රෝණිවලට මිලිමීටර 100කට අධික වැසි ලැබුණහොත් ගං වතුර තත්ත්වයක් ඇති විය හැකියි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කරන, වාරිමාර්ග අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා.
“දිවයිනේ සබරගමුව, මධ්‍යම පළාතේ ඇතැම් ස්ථාන, බස්නාහිර පළාතේ, දකුණ පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට පසුගිය දින ගණනාවක් පුරා ලැබුණ වර්ෂාපතනය නිසා එම ප්‍රදේශ හරහා ගළා බසින ගංගාවල ජල මට්ටම් ඉහළ මට්ටමක පවතිනවා. කැළණි සහ කළු ගංගාවල ඉහළ ප්‍රදේශ අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී තිබෙනවා. විශේෂයෙන් රත්නපුර ප්‍රදේශය අවධානවෙන් සිටිය යුතුයි. මෙම ද්‍රෝණි ප්‍රදේශවලට මිලිමීටර් 100කට අධික වැසි ලැබුණොත් මෙම ගංගා ද්‍රෝණිය ගං වතුර තත්ත්වයකට පත්වීමේ අවධානම පවතිනවා.”

