Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මංගල සාදය යුද පිටියක් බවට පත්වෙයි! 3ක් රෝහලට!

2 years ago

මංගල උත්සවයකදී ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

හල්දුම්මුල්ල කිරවනාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු මේ සිදුවීමෙන් බරපතල තුවාල ලබා තිබුණා.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.

සැකකරුවන් අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හල්දුම්මුල්ල පොලීසිය විසින් සිදුකරනවා.