Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තත්ත්වය අවදානම්! ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කරයි!

2 years ago

පවතින අවදානම හේතුවෙන් අද (26) සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි.

එම ඒකකයේ වෛද්‍ය නිලධාරී ළහිරු කොඩිතුවක්කු සඳහන් කළේ මේ වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 24,323 ක් වාර්තා වී ඇති අතර, 9 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ අතර මීට සමගාමීව අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමටත් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු වී තිබේ.