මාතර, වැලිගම බටවල පාතේගම විද්‍යාලය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිය දරුවන් දෙදෙනා විද්‍යාලයට ඇරලවීමට පැමිණි තවත් වෙඩි තැබීමක සැකකරුවෙකුට මෙලෙස වෙඩි තබා තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා වැලිගම දෙසට පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.


