ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරිවරු සහ රේගු පරීක්ෂකවරු ලෙස සේවයට එක්වීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්කොට ඇති පිරිස්වලට රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබා ගන්නා කූට ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනාරාල් සීවලි අරුක්ගොඩ පවසනවා.
මෙම තනතුරු සඳහා සුදුසු නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් ඔහු පවසනවා.
එම සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම් කළ අයදුම්කරුවන් සොයාගොස් පවතින පුරප්පාඩු වෙනුවෙන් ඔවුන්ට රැකියා ලබාදෙන බවට පවසමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගන්නා පිටස්තර පුද්ගලයන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් හා එවන් කූට වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරු අනාවරණය වී ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
පුරප්පාඩු තනතුරුවලට නිලධාරීන් බඳවා ගැනීම සඳහා මේ දිනවල කටයුතු කරගනෙ යන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් තරග විභාගයක් පවත්වා එයින් වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් බඳවා ගැනීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කරනවා.
එම නිසා රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගන්නා එවැනි වංචනික පුද්ගලයන්ට හසු නොවන ලෙසයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරන්නේ.


