Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Baby

මාතර අලුත උපන් බිළිඳා මිය ගියාද? අතුරුදහන් වූවාද! අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

2 years ago

මාතර නව දිස්ත්‍රික් රෝහලේ මතභේදයට තුඩුදුන් බිලිඳු මරණය පිළිබඳ මරණ පරීක්ෂණ වාර්තාව සහ බිලිඳා එම මව්පියන්ගේමද යන්න තහවුරු කරගැනීමේ DNA පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස කොටවිල පොලිසියට ඊයේ (27) දැනුම් දුන්නා.

ඒ, මව්පියන් සහ ඥාතීන් විසින් දිගින් දිගටම කරන ලද දැඩි ඉල්ලීම් හා චෝදනා හමුවේ බිලිඳාගේ බව පැවසෙන දේහය ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබූ පසුබිමකයි.

මාතර වැලිගම පදිංචි කාවින්ද්‍රා මදුෂානි සිය කුළුඳුල් දරු ප‍්‍රසූතිය සඳහා පසුගිය 22 වැනිදා මාතර නව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු නමුත් බිළිඳා කුස තුළම මියගොස් ඇති බවට රෝහල් බලධාරීන් ඇයට පවසා තිබුණා.

ඒ අනුව බිලිඳගේ දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් පරස්පර විරෝධී ප්‍රකාශ කළ බවයි ඥාතීන් චෝදනා කළේ.