Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනියම් බිරින්දැවරුන් දෙදෙනාගේ කීමට නීත්‍යානුකූල බිරිඳව ළිඳට දැමූ සැමියා

2 years ago

මුලතිව්, මුල්ලියාවලෙයි, බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිඳකට පැන සිය දිවි හානි කරගත් බව ඇගේ සැමියා විසින් පොලිසියට ප්‍රකාශ කළද, එය මිනීමැරුමක් බවට තහවුරු වීමෙන් අනතුරුව ඇයගේ සැමියා ඇතුලු තිදෙනෙකු මුල්ලියාවලෙයි පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව, ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි මෙම කාන්තාව මුලතිව් ප්‍රදේශයේ මෙම සැකකාර පුද්ගලයා සමග විවාහ වී තිබෙනවා.

කලක් ගතවීමේදී ඇගේ සැමියා එම ප්‍රදේශයේම වෙනත් කාන්තාවන් දෙදෙනෙකු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එම කාන්තාවන්ගේ බහට අවනත වී සිය බිරිඳගේ ගෙළ සිරකොට ඝාතනය කර සිරුර ළිඳට දමා තිබෙන බවට වාර්තා වනවා.

අනතුරුව සිය බිරිඳ ළිඳට වැටුණු බව කියමින් කෑ ගසද්දී අසල පිරිසක් පැමිණ ඇයව ගොඩගෙන මුල්ලියාවලෙයි රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී දේහය පිළිබඳව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී කාන්තාව ළිඳට වැටීමට පෙර හුස්ම හිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඒ අනුව, එය ඝාතනයක් බවටත් අධිකරණ වෛද්‍යවරයා විසින් තීන්දු කර තිබෙනවා.

සැකපිට ඇයගේ ස්මියාව මුල්ලියාවලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම හමුවේ සැමියා විසින් සිදුවීම පාපොච්චාරණය කළ බව පොලිසිය පවසනවා.

ඒ අනුව සැකපිට අනියම් ඇසුර පවත්වා ගෙන ගියා යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.(news19)