2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා වසර 5කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ, තිළිණා හර්ෂනී නමැති කාන්තාවක්.
මෙම ප්‍රහාරයෙන් ඇයගේ සුසුම්නාවට බරපතළ හානි සිදුව තිබුණා.
කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇයගේ පුතු වන දුලෝද් ඇන්තනීද මිය ගොස් තිබෙනවා.


