මේ වනවිට දිවයිනට ඇඳහැලෙන ධාරාණිපාත වාර්ෂාවේ සුළු අඩුවීමක් ඉදිරි දින කිහිපය තුළ දැකගැනීමට හැකිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින කාලගුණය ගැන පැහැදිලි කිරීමක් සිඳුකරමින් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා මේ බව අනාවරණය කර සිටියා.
ඔහු පවසා සිටියේ, නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමග බොහෝ ප්‍රදේශවලට මේ දිනවල ඇඳහැලෙන වර්ෂාව ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී, දිවයිනේ නිරිත දිග කොටසට පමණක් වැස්ස සීමා වනු ඇති බවයි.
ඒ අනුව ඉදිරියටත් මෙම වර්ෂා සහිත කාලගුණය වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල දැකගැනීමට සිදුවනු ඇත.

