Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය අමාත්‍ය ධූරය විපක්ෂයේ ප්‍රබලයෙකුට ?

2 years ago

ඉදිරි සති කිහිපයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක් වෙනස්වීම නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසනවා.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආදී ආයතනයන්හි ඉහළ තනතුරු රැසක් ඒ අනුව වෙනස්වීමට නියමිත බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල මෙම ආයතනයන්හි සිදුවූ වංචා දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් අදාළ තනතුරු වෙනස් කිරීම් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇතැම් ආරංචිමාර්ග පවසන්නේ මෙම තනතුරු වෙනස් කිරීමත් සමඟම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව තිබෙන අර්බුද විසඳීම වෙනුවෙන් විපක්ෂයේ ප්‍රබලයකුට සෞඛ්‍ය අමාත්‍ය ධූරය පිරිනැමීමේ ඉඩකඩක් පවතින බවයි.