ඊයේ (28) යාපනය ශික්ෂණ රෝහල තුළට යතුරු පැදියකින් ඇතුළු වී රෝහල් කාර්ය මණ්ඩලයට පහරදීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් තරුණයින් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම තරුණයින් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
කැපුම් තුවාල සහිත පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කිරීම සඳහා යාපනය ශික්ෂණ රෝහල තුළටම යතුරුපැදියකින් තවත් තරුණයෙකු පැමිණීම හේතුවෙන් ඊයේ එහි නොසන්සුන්තාවක් හට ගත්තා.
එහිදී යතුරු පැදියෙන් රෝහල තුළටම පැමිණීම පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලය විමසා සිටි අවස්ථාවේදී යතුරු පැදිකරු මුද්‍රණ යන්තයකින් රෝහලේ සේවකයෙකුට පහර දී තිබෙනවා.
එම පහර දීමෙන් රෝහලේ සේවකයා තුවාල ලබා ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය විසින් පහර දීම සිදුකළ පුද්ගලයාව පොලිසියට අල්ලා දී තිබේ.
ඉන් අනතුරුව පොලිසිය විසින් යතුරුපැදිකරුව හා තුවාල සහිතව පැමිණි පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සිදු කළ විමර්ශනය වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් විසින් පැවැත්වූ සාදයකදී ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඇති වූ ගැටුමක් හේතුවෙන් අදාළ තරුණයාට තුවාල සිදුවී ඇති බවයි.

