ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙන හෙට ( 30 වැනිදා ) සහ අනිද්දා ( 31 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් එක් නොවන බව එම සංගම් නිලධාරීහූ පවසති.
ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු වෘත්තීය සංගම් රැසකින් සමන්විත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මෙන්ම විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් නොවේ. විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය, ලංකා විදුහල්පති සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, විදුහල්පති බලය සහ විදුහල්පති මහෝගය යන වෘත්තීය සංගම් අයත් වෙති.
මෙම වෘත්තීය සංගම් ප්‍රකාශ කරන්නේ ඉහත වෘත්තීය ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම දේශපාලන අවශ්‍යතාවක් බවයි.

