Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකික තරුණියකට අති දුර්ලභ අවස්ථාවක් හිමි වෙයි! අගහරු ග්‍රහයා තරණය සඳහා නාසා ආයතනය විසින් තෝරා ගනී!

2 years ago

NASA ආයතනය විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්‍යේෂණයකට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මේ වන විට ඊට අදාළ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි NASA’s Johnson Space Center නිවේදනය කර සිටියි.

මෙම සිව් දෙනාගෙන් යුතු කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති “පියුමි විජේසේකර” ඇතුළත්වේ.

නාසා හි Johnson Space Center හි නිර්මාණය කර ඇති අඟහරු ග්‍රහයාගේ පරිසරයට සමාන සිමියුලේෂන් එකක් වන Human Exploration Research Analog (HERA) හි දවස් 45 ක් ගත කිරීමට පළමුවෙන්ම මෙම කණ්ඩායම ක්‍රියාකරයි.

ඔවුන් ජුනි 24වැනිදා දක්වා මෙම සිමියුලේෂන් එක තුළ පර්‍යේෂණ කටයුතු සිදු කරයි.

සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට වන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් හුදකලාවීම, කුඩා ඉඩක දීර්ඝ කාලයක් සිටීම සහ දුරස්ථ තත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීම මෙහිදී විශේෂයෙන්ම අධ්‍යයනය කෙරේ.

මේ වසරේ මෙම පර්‍යේෂණයට සහභාගී වන දෙවන කණ්ඩායම මෙය වන අතර තවත් කණ්ඩායම දෙකක් මේ වසර ඇතුළත මෙම පර්‍යේෂණයට සහභාගී වීමට නියමිතය.