Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සූර් වෙන්න ගිය දඹුල්ලේ 4ක් අවාසනාවන්ත ලෙස මිය යයි! මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්!

2 years ago

නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පසුව පුද්ගලයින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සුලු සේවකයින් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මියගිය හතර දෙනාගෙන් දෙදෙනෙකු 24 වැනිදාත් අනෙක් දෙදෙනා ඊයේ ( 28) වැනිදා මියගොස් ඇති බව දඹුල්ල පොලිසිය පවසනවා.

මීට අමතරව තවත් පුද්ගලයෙකු 28 වැනිදා මියගොස් තිබෙන අතර ඔහුට හදවත් රෝගී තත්ත්වයක් තිබුණත් නීතිවිරෝධී මත්පැනට ලොල් වූ අයෙකු බව පැවසෙනවා.

මේ පිරිස දඹුල්ල නව පාදෙණිය, විහාර හන්දිය හා යාපාගම පදිංචි වයස අවුරුදු 46 ත් 50ත් අතර පසුවන්නන්.

කෙසේ වෙතත් මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබෙන බවයි දඹුල්ල පොලිසිය පැවසුවේ.

වැඩිදුර පරීකෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා තිබෙන බව පොලිසිය පවසනවා.