Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු – විදුහල්පතිවරුන් අද ලෙඩ වෙයි

2 years ago

ගුරු – විදුහල්පතිවරුන් අද (30) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කරනවා.

අවුරුදු 27ක කාලයක් තිස්සේ පවතින වැටුප් විෂමතාවට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවත් රජය සිය ඉල්ලීම් සඳහා අවධානය නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා යොමුවන බවත් සුමංගල හිමි වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 29 ක්.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු අඩාල වී ඇති බවයි.