වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අදත් (31) දිනයෙන් ක්‍රියාත්මකයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව ඊයේ (30) පෙරවරුවේ ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන් පිරිසක් සේවයට වාර්තා නොකළ අතර ඇතැම් ප්‍රදේශ වල සිසුන් පාසල් වෙත පැමිණ හැරී ගොස් තිබුණා.
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා පිලිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විශේෂ කමිටුවක් පත්කර ඇති පසුබිමකයි ඔවුන් මෙම ක්‍රියා මාර්ගයේ නිරත වන්නේ.

