Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපකාරක පන්තියට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනා අතුරුදහන්

2 years ago

ගම්පහ යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු පසුගිය බදාදා සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී තිබෙන බව යක්කල සහ වීරගුල පොලිසි පවසනවා.

යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ද අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලීසියට ද ලැබී තිබෙනවා.

අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් තිදෙනෙකි.

ඔවුන් තිදෙනා උපකාරක පන්තිය නිම වී රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් මව්පියන් විසින් මෙලෙස පොලිසියට පැමිණිලි සිදු කර තිබෙනවා.

අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන ඊයේ (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල සහ වීරගුල පොලිසි පවසනවා.

යක්කල සහ වීරගුල පොලිස් ස්ථාන මගින් මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.