Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමයින්ට උදෑසන ආහාර වේල දෙන්න රජයෙන් දුන්න සල්ලිවලින් ප්‍රින්සිපල් මැඩම් ගණ දෙවි පූජාවක් තියලා

2 years ago

අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දරුවන්ට රජයෙන් දෙන උදෑසන ආහාර වේලේ පසුගිය බදාදා(29) වන දින උදෑසන ආහාර වේල නවතා එම මුදලින් ගණ දෙවි පූජාවක් කර ඇති බවට පාසලේ දරුවන්ගේ දෙමාපියන් චෝදනා කරනවා.

මෙම පුජාව සඳහා විදුහල්පතිනිය විසින් එක් පන්තියකින් දෙමාපියින්ගෙන් මුදලින් රුපියල් දහස බැගින් රුපියල් පහළොස්දහසක මුදලක් එකතු කර තිබෙන බව පැවසෙනවා.

29 වැනිදා දරුවන් සඳහා ආහාර වේල සැකසීමට ඇති පන්තියේ දෙමාපියන්ට එම ආහාර වේල සැකසීම පසෙක දමා එම මුදලින් පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගෙන තිබෙන අතර එම පණිවුඩය යවා ඇත්තේ වට්ස් ඇප් මාර්ගයෙන්.

පාසලේ දරුවන්ගේ දෙමාපියන් නගන චෝදනා විදුහල්පතිනි සුසිලා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රතික්ෂේප කරන තිබෙනවා.

ඇය පවසා තිබෙන්නේ වාර්ෂිකව සිදුකරනු ලබන මෙම පුජාව හේතුවෙන් කිසිම දරුවෙකුට කරදරයක් සිදුවි නොමැති බවයි.

පුජාව සිදුවු දින උදේ ආහාර වේල රැගෙන එන ලෙස දැනුවත් කළ බවත් ඒ නිසා කිසිම දරුවකු ක්ලාන්ත වි වැටුනේ නැති බවත් විදුහල්පතිනිය පවසනවා.

මේ තීන්දු තීරණ විධායක කමිටුව, ආහාර කමිටුව රැස්කර ලබා ගත් බව පවසන විදුහල්පතිනි සුසිලා හෙට්ටිආරච්චි මහත්මිය පුණ්‍ය කටයුතු කරනවට අකමැති අය මෙවැනි බොරු සමාජගත කරන බව පවසිමින් සිය චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා. (source – newsi)