Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රතිඵල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක්

2 years ago

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වූ අතර එහිදී විශේෂ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් පිළිබඳ අද රාත්‍රියේ දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අද නිකුත් කෙරුණු විභාග ප්‍රතිඵලවලට අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 64.33% ක්.

ඒ අනුව සරසවි වරම් හිමිවූ සමස්ත සංඛ්‍යාව 173,444ක් වනවා.

ඒ පාසල් අයදුම්කරුවන් 151,343 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 22,101ක් ලෙසින්.