මෙවර උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා.
එම ප්‍රතිඵලවලට ජීව විද්‍යා අංශයෙන් පළමු ස්ථානයට පත් වීමට උපනි ලෙනෝරා ශිෂ්‍යාව සමත් වුණා.
ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරු ශිෂ්‍යාවක්.
මේ අතර උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශෙහානි නවෝද්‍යා ශිෂ්‍යාව සමත් වුණා.
ඇය ගිනිගත්හන මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ විභාගය හැදෑරු සිසුවියක්.
මේ අතර ගණිත අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථමස්ථානය දිනා ගැනීමට චිරාත් නිරෝධ ශිෂ්‍යා සමත් වූ අතර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙක්.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තසුන්ලා රත්මික කලා අංශයේ ප්‍රථමයා බවට පත් වී ඇති බව සඳහන්.
ජීව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ ජාතික පාසලේ කිරුළු පල්ලියගුරු සිසුවාට හිමි වී ඇති අතර වාණිජ අංශයේ ප්‍රථමයා වී ඇත්තේ, පානදුර බාලිකා විද්‍යාලයේ ෂෙහාර සිතුමිණි සිසුවියයි.

