ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අගමැති මෝදී තමිල්නාඩුවේ කන්‍යාකුමාරි වෙත පැමිණ ඇත්තේ ඓතිහාසික විවේකානන්ද පර්වත ස්මාරකයේ පැය 45ක භාවනා සැසියක් ආරම්භ කිරීමට බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
අගමැති මෝදි මැයි 30 සවස සිට ජූනි 1 සවස දක්වා භාවනානුයෝගීව සිට මෙම අධ්‍යාත්මික චාරිකාව ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.
ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීමද විශේෂත්වයක්.

