Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

2 years ago

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව ආචාර්ය සුරේන් රාඝවන් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බවයි.

“විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ වනවිට දවස් 28ක වැඩ වර්ජනයක් තියෙනවා. ‍මේක අවාසනාවන්ත වැඩ වර්ජනයක්. පාඩුව ලබන්නේ අනාගත පුරවැසියන්. සෘජු පාඩුව දවසකට මිලියන 150ක්. රජයට අවශ්‍ය නෑ මේක මේ ආකාරයට දික්කර ගන්න. වෘත්තීය සමිති වලටත් මේක මෙහෙම ‍ගෙනියන්න අවශ්‍ය නෑ. අපි මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනවා ‍කෙසේ ද මේක විසඳගන්නේ කියලා. වෘත්තීය සමිති නායකයින් දෙදෙ‍ෙනක් සමග මම දුරකථනයෙන් සාකච්ඡා කළා. සඳුදාත් සාකච්ඡා කරනවා. මගේ බලාපොරොත්තුව නම් අපි මේක මැද මාවතකින් විසඳාගත යුතුයි.,”