Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුමදීමක්

2 years ago

2023 වසරට අදාළ අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තම්බර් මාසය වනවිට නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 452,979 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් 387,648 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ.

සෙසු 65,331 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූයේ පසුගිය මැයි 15 වනදායි.