Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට කඩුවෙන් කොටලා! මුදල් හා දුරකථනත් උස්සලා!

2 years ago

කෑගල්ල හිරිවඩුන්න ප්‍රදේශයේ පිහිටි හෝටලයක රැඳී සිටි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුට කඩුවකින් කොටා ඔහු සතු දේපොළ සොරාගෙන තිබෙනවා.

රුපියල් එක් ලක්ෂ හැටදහසක් පමණ වටිනා දේපොළ මෙසේ සොරාගෙන ගොස් ඇති බවයි කෑගල්ල පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයට ලක්වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා වේයන්ගොඩ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වනවා.

මුදලින් රුපියල් 11,000ක්, නවීන ජංගම දුරකතන දෙකක්, පරිගණකයක් ඇතුලු වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.(hiru)