Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ වැසි මැද දරුණු බස් රථ අනතුරක්

2 years ago

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් අද(2) පෙරවරුවේ ගැටී පුද්ගලයෙකු මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 

අනතුරෙන් මියගොස් ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයරාජ් ජර්මල් රාජ් නැමැති 46 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථය කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් කොට ඇති අතර ලංගම බස් රථය පානදුර බස් නැවතුම්පොළට හැරවීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති අතර බස් රථ දෙක ගැටීමෙන් ලංගම බස් රථයේ සිටි මගියෙක් මියගොස් ඇති අතර,බස් රථ දෙකෙහිම මගීන් සිව් දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.