Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩේට ගිය දැරියන් දෙදෙනා වතුර වළකට වැටී මිය යයි

2 years ago

දැරියන් දෙදෙනෙකු වතුර වළකට වැටී මිය යාමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ යාපනයේ ප්‍රදේශයේ කයිට්ස් පොලිස් වසමේ සින්න මඩු ප්‍රදේශයෙන්.

මෙසේ අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 11ක නිරෝෂන් විදුෂා සහ පස් හැවිරිදි නිරන්ජන් අනුෂ්කා නැමති දැරියන් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා කඩයට ගොස් ආපසු නොපැමිණීම නිසා ඔවුන් ගැන සොයා බලද්දී දැරියන් දෙදෙනාගේ මළ සිරුරු වතුර වළක පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.

දැරියන් දෙදෙනා කඩයට ගිය පා පැදිය ද එම වතුර වල අසල තිබී හමුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය සැකකරන්නේ ඔවුන් දෙදෙනා පා පැදියෙන් ගමන් කරමින් සිටියදී පාපැදිය පෙරළී ඔවුන් දෙදෙනා වතුර වළට අද වැටෙන්නට ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලක ඥාතී දැරියන් දෙදෙනෙක්.