Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගංවතුරේ විනෝද වෙන්න ගිය 20කට කරන්ට් වදී! අයෙක් මරුට!

2 years ago

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක්  අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස්  සෙසු පිරිස  බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවක ගමන් කර තිබේ,

කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි තිබේ,

බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය කියයි.(source – lankadeepa)