Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සා/පෙළ උත්තර පත්‍ර ඇගයීම් කල් යයි

2 years ago

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ සංශෝධනය කිරීමට සිදුව තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.

උත්තර පත්‍ර ඇගයීමේ කාර්යයන්හි නරත වීමට නියමිත පරීක්ෂකවරුන්ට ඇගයීම් රාජකාරී සඳහා පැමිණීමේදී සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන අද (06) ආරම්භ කිරීමට තිබූ පළමු අදියරේ ඇගයීම් ආරම්භක දිනය අනිද්දා (08) ලෙස සංශෝධනය කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ 08 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 101කදී උත්තර පත්‍ර ඇගයමේ පළමු අදියර ක්‍රියාත්මක කරන බවයි.